කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවා සහාය ලබා ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍ය ජේ,එල් පීරිස් මහතා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා විෂයන් ආවරණය කරමින් රූපවාහිනී මාධ්‍ය වන “අයි නාලිකාව” සහ “නේත්‍රා නාලිකාව” ඔස්සේ “ගුරු ගෙදර” අධ්‍යාපනික වැඩසටහන් මේ වන විටත් විකාශය කරනු ලබනවා.
ඒ අනුව, දැනට රූපවාහිනිය මඟින් විකාශය කරනු ලබන අධ්‍යාපනික වැඩසටහන් මගින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා ගුවන් විදුලි නාලිකාවන් භාවිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ජි. එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් දක්වා තිබෙන්නේ.
ඒ අනුව ගුවන්විදුලිය මඟින් අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමේදී ගුවන්විදුලි යන්ත්‍ර හරහා මෙන්ම දුරකථන මඟින් ද එම වැඩසටහන්වලට සවන්දීමේ හැකියාව පවතින බැවින් සිසුන් වැඩි පිරිසකට එම අධ්‍යාපන වැඩසටහන් ශ්‍රවණය කිරීමේ අවස්ථාව හිමිවීම මෙම තීරනය් ගැනීමට හේතු වී තිබෙනවා.
කවර බාධක මතු වුවද දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම වැඩසටහන් වල අරමුණ බවයි අමාත්‍ය ජි.එල් පීරිස් මහතා සඳහන් කරන්නේ.
ඒ අනුව, මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ගුවන්විදුලි නාලිකා සහ ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා එක් වීමට නියමිතව තිබෙනවා.
මෙම දුරස්ථ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයකු යටතේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට