Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාසල් දරුවන්ගේ කිරි වීදුරුව හලයි : ඒ වෙනුවට කැඳ පිරවීමට යයි

කිරි දෙන්න සැපයුම් කරුවන් ඇවිත් නැහැලු

පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සුදානම් වනවා.

දුෂ්කර පළාත්වල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට දියර කිරි ලබාදීමේ වැඩසටහන පාසල් 927ක ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඒ හරහා දරුවන් ලක්ෂ 4කට පමණ දිනපතා දියර කිරි වීදුරුවක් ලබා දීම සිදු කරන බවයි රජය පවසන්නේ.

කෙසේ වෙතත් දියර කිරි ලබාදීමේ වැඩසටහන සඳහා 2021 වර්ෂයට රුපියල් කෝටි 65ක් වෙන් කර ඇතත් කිරි සැපයීමට කිසිදු සැපයුම්කරුවකු මේ වන තෙක් ඉදිරිපත්ව නැති බවයි පැවසෙන්නේ.

ඒ අතරතුරයි කිරි වෙනුවට කැඳ ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අදහසකට අනුව පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් හට දියර කිරි වෙනුවට පෝෂණීය කැඳ ලබාදීම සඳහා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙනවා.

© මුලාශ්‍රය – දිනමිණ

About The Author