පාසලේ සියලු ගුරවරුන් මාරුවීම් ඉල්ලයි
මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලයේ දී අනවසරයෙන් කඩාවැදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකු ගුරුවරුන්ට සහ පාසල පවිත්‍ර කිරීමට පැමිණ සිටි මවුපියන්ටද පහරදෙමින් බැණ තර්ජනය කරමින් ක්‍රියාකිරීම හේතුවෙන් අද එම පාසල තුළ සහ මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය තුළ උණුසුම් තත්වයක් නිර්මාණය වුණා.
මෙලෙස පාසලට කඩා වැදී ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී පියතිස්ස සහ පාලිත විමලසේන යන මහත්වරුන් දෙදෙනා බවයි වාර්තාවන්නේ.
එලෙස පාසලට ඇතුළු වූ පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන්, ගුරුවරුන් මාරු කර දමන බවට තර්ජනය කරන අයුරුද පටිගතව තිබෙනවා.
එමෙන්ම මව්පියන්ටද තර්ජනය කරන්නේ ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් සඳහා සහය ලබා නොදිය යුතු බව පවසමින්.
ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මව්පියන්ගේ ද සහභාගිත්වයෙන් පාසල ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ බවත් එලෙස ආණ්ඩුවට එරෙහිව විරෝධතා සිදු කිරීමට තමන් ඉඩ නොතබන බවත් පවසමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරුණා.
දරුවන්ගේ මව්පියන්ටත් පහර දුන් බවට චෝදනා
මවුපියන් පැවසූයේ ඔවුන් පහරදීම් පවා සිදුකළ බවයි.
කෙසේ වෙතත් එම චෝදනාව පොදුජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී පියතිස්ස මහතා විසින් ප්‍රතික්ෂේප කළා.
විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාම මාරුවීම් ඉල්ලා කලාප කාර්යාලයට
කෙසේ වෙතත් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ පාසල් පරිශ්‍රය අයුතු ලෙස ඇතුළු වී ගුරුවරුන්ට සහ මවුපියන්ට බැණ තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විදුහල්පතිවරයා ඇතුළු පාසලේ සියලුම ගුරුවරුන් තමන් වෙනත් පාසල්වලට මාරුකර ඉල්ලා මාවැල්ල කලාප කාර්යාලය ලිපියක්ද භාරදී තිබෙනවා.
රාජකාරියට බාධා කරමින් තර්ජනාත්මකව හැසිරෙමින් ගුරු ගෞරවය කෙළෙසන පුද්ගලයන් හේතුවෙන් තමන්ටම බලවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත භාරදුන් ලිපියෙහි සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි