Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාලකයින් දෙන දෙන තැන්වල ඉඳන් විරෝධතා අරගල කරන්න අපි සුදානම් නෑ – සමාජවාදී තරුණ සංගමය

ආරක්ෂවල අංශවල අයවලුන් බව හඟවමින් ගෝල් ෆේස් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු අධිකරණයේදී පොලීසිය නිරුත්තර වී ඇති බවත් එම අරගලකරුවන්ට වෙනම ස්ථානයක් ලබා දීමට ආණ්ඩුව සූදානම් වීම අරගලකරුවන්ට නිවාඩු නිකේතන ලබා දෙනවා හා සමාන යැයිද රටේ ඕනෑම තැනක අදහස් ප්‍රකාශ කිරීමේ හා විරෝධය පෑමේ අයිතියක් ඇති බවද සමාජවාදී තරුණ සංගමය අද (24) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීතිඥ සුසන්ත දොඩාවත්ත අවධාරණය කළේය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අරගලය ආරම්භ වූදා සිට අරගල භූමිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝග 95%කට වැඩිය ප්‍රතික්‍ෂේප වෙලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ පාලකයන් ලබාදෙන තැන්වලට ගිහින් අරගල කරන්න කිසිවෙකුත් සූදානම් නැහැ. රට පුරා අරගල පැනනැගී තිබෙන්නේ මේ අනුවයි. ඒ වගේම රට පුරා ඕනෑම තැනක සමාකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය නීත්‍යානුකූලව තිබෙන බව අපි අවධාරණය කරනවා”

About The Author