හදිසි පක්ෂ නායක රැස්වීම වැඩබලන ජනපති රනිල් මඟඅරී
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ කැඳවා තිබුණා.
පාර්ලිමේන්තුව හමුවට සියලුම දේශපාලන පක්ෂ නායකයින් සහභාගී වී ඇති අතර වැඩබලන ජනාධිපති ධූරය සහ අගමැති ධුරය හොබවන රනිල් වික්රමසිංහ මහතා සහභාගී නොවීම විශේෂත්වයක්.
මෙම සාකච්ඡාවට ත්රිවිධ හමුදාපතිවරු ද එක්ව තිබෙනවා.
එහිදී ත්රිවිධ හමුදාපතිවරුන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් සඳහන් කර ඇත්තේ අදාළ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට පෙර ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනතාවගෙන් එල්ල වන විරෝධතාවය පිළිබඳව ඔහු දැනුවත් කළ බවයි.
එමෙන්ම පක්ෂ නායක රැස්වීමට පැමිණි ත්රිවිධ හමුදාපතිවරුන් අරගලකරුවන් පාර්ලිමේන්තුව ආක්රමණය කිරීමට පැමිණිය හොත් ඔවුන්ට බලය යොදා පාර්ලිමේන්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ අවසර ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී පක්ෂ නායකයින් ඒ සඳහා අනුමැතිය පළ කර නොමැති අතර ආණ්ඩුව නියෝජනය කරන වැඩබලන ජනපතිවරයාගෙන් මේ පිළිබඳව විමසන දැනුම් දී ඇති බව සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි