Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාරවල් හදන තැන්වලින් යන ජනතාවගේ ජීවිතවල වගකීම ගැන සැළකිලිමත් වෙන්න – ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථාන වල ගමන් කරන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සැලකිලිමත් වන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය දිනවල එවැනි ස්ථාන කීපයක් සිදු වූ අනතුරු සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා ඇත්තේ මාර්ගය ඉදිකරන ස්ථාන වලට ගොස් තමන් විසින් සිදු කළ නිරීක්ෂණයන් වලදී ද මෙම කරුණු සනාථ වූ බවයි.

එබැවින් එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා අදාල ස්ථාන හඳුනාගෙන විධිමත් ලෙස අනතුරු හැඟවීමේ සංඥා , මාර්ග සංඥා සහ වේගපාලන ගැටි යොදා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මීට අමතරව මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු අඟවන විදුලි ලාම්පු ආදිය වහාම සවි කරන ලෙසත් රථවාහන පාලක සංඥා රැගත් සේවකයින්ද යොදවන ලෙසත් දැනුම් දී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද රැස්වීමකදී මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි , මාර්ග අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් සහ සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ට මීට අදාළ උපදෙස් ලබා දුන් බව ද සඳහන්.

About The Author