Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාන් කියා ගන්නත් බැරිවෙන හැඩ

බේකරි නිෂ්පාදන සියල්ලේ මිල ඉහලට

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දමන බව ඔහු සඳහන් කරනවා.

බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ අමුද්‍රව්‍ය මෙන්ම යන්ත්‍ර සුත්‍ර වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මෙම මිල ඉහළ දැමීම සිදු කළ බවයි ජයවර්ධන මහතා පවසන්නේ.

විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ නැංවීම මෙන්ම කිලෝ ග්‍රෑම් 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල මෙන්ම ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන සෘජු සහ වක්‍ර අමුද්‍රව්‍ය රැසක ඉහළ දැමීම මෙම මිල ඉහළ දැමීමට සෘජුව බලපා තිබෙනවා.

About The Author