Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාදෙණිය මාර්ගයේ මාරක අනතුරක්

Screenshot

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලිස් වසමේ මල්වානේගම, රාජපක්ෂගම ප්‍රදේශයේදී තඹුත්තේගම සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පෞද්ගලික බස් රියක පිටුපස් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ලොරි සහයකවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම අනතුර අද අළුයම 5.00ට පමණ සිදුව තිබෙන අතර ලොරි රථය පැදවූ රියදුරුට නින්දයෑම හේතුවෙන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් කළ බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ලොරි රථයේ ඉදිරිපසට මෙන්ම බස් රථයේ පිටුපසට දැඩි අලාභ හානි සිදුව තිබූ අතර, බස් රථයේ පසුපස අසුන් පේලියටද දැඩි අලාභ හානී සිදුව තිබෙනවා.

අනතුර සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව ලොරි රථයේ සිරවී සිටි පුද්ගලයා දැඩි වෙහෙසක් දරා මුදවාගෙන තඹුත්තේගම රෝහලට ඇතුලත් කළද ඔහු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන තඹුත්තේගම පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

අනතුරට පත් ලොරි රථය කෙරවල පිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ පෞද්ගලික වෙළෙඳ සැලකට එලවළු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන අතර,මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

Screenshot

About The Author