Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාඨලී ජනාධිපතිවරණ සටනට : ආණ්ඩුව බය වෙලා හිරකරන්න හදනවා

කොමිසම් හදාගෙන අපේ ප්‍රජ අයිතිය අහෝසි කරන්න හදන්නේ – පාඨලී කියයි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද දූෂණ මර්දන කමිටුව හරහා දේශපාලන පළිගැනීම් සිදු ව ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවත් කොමිසම වෙත අද (28) කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ජනතා ප්‍රශ්න පිළිබඳව හඬ නගන මහජන නියෝජිතයන් නිහඬ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ චම්පික රණවක මහතා.

“අපිව කැඳවලා තියෙන්නේ විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කරලා තිබුණා කලින් උපාලි අබේරත්න මහත්මයාගේ මූලිකත්වයෙන්. ඒකට අපි ඇවිල්ලා සාක්කි දුන්නා. ඒකට පස්සේ මේ තවත් අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා. අපට දඬුවම් දීලා, අපේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ පරමාර්ථයෙන්.

මම අපේ ජනතාවට කියන්නේ, අද ඔබට විදුලිය නෑ. ඔබේ දරුවන්ට කිරිපිටි නෑ. වැඩකරන ජනතාවට අද ආහාර ටික මිලදී ගන්න හැකියාවක් නෑ. පොහොර නෑ ගොවියට. ඒ වගේම හාල් මිලදී ගන්න විදිහක් නෑ සාමාන්‍ය ජනතාවට. ඒ වගේම ගෑස් නෑ, තෙල් නෑ, විදුලිය නෑ. ඇයි? ඩොලර් නෑ. ඇයි ඩොලර් නැතිවෙලා තියෙන්නේ? දෙදහස් පහ පහළොව කාලයේ විශේෂයෙන්ම දෙදහස් දහයෙන් පස්සේ සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රතිඵලය හැටියට තමයි.

මහා සංවර්ධනයක් පිටිපස්සේ අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල් මේ යනාදී මහා සංවර්ධනයකට මුවා වෙලා කරපු දැවැන්ත ඩොලර් මංකොල්ලයක ප්‍රතිඵල හැටියට තමයි අද ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ දරුවන්ට අද කිරිපිටි නැත්තේ, රෝහලට ගියාම ඖෂධ නැත්තේ, ඒ වගේම සිමෙන්ති ටික නැත්තේ බාසුන්නැහැට. පොහොර ටික නැත්තේ ගොවියට. ඒ වගේම ජනතාවට සහල් ටික ගෙනත් දෙන්න, ආහාර ටික ගෙනත් දෙන්න හැකියාවක් නැති වෙන විදියට ඩොලර් නැති වෙලා තියෙන්නේ. විදුලිය කැපෙන්නේ, තෙල් නැති වෙන්නේ, ගෑස් නැති වෙන්නේ මේ මහා ජාතික ඩොලර් මංකොල්ලය නිසා. මේවා ගැන කතා කරපු වරදට, මේවා පෙන්වා දීපු වරදට, අපිව මේ උසාවි වලට ගෙන එනවා නම්, අපිව මේ වගේ අධිකරණ ඉස්සරහට ගෙනල්ලා කටයුතු කරනවා නම්, මේ ගැනත් අපි ජනතාවට භාර කරනවා.”

එමෙන්ම මෙම විශේෂ ජනාධිපති කොමිසම ඇත්තෙන්ම විහිළුවක් බවත් සාක්ෂි දීමට පමණක් තමන්ට පැමිණෙන ලෙස පැවසුවත් ඒ සඳහා අත්‍යවශය පුද්ගලයන් මේ සඳහා කැඳවීමක් සිදුකර නොමැති බවට පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කර සිටිමද විශේෂත්වයක්.

“මෙහි තියෙන විහිළුව තමයි, මේ විමර්ශන කටයුතු කරපු පොලිස් ඇමතිවරු කාවවත් මෙතෙන්ට කැඳවලා නැහැ. මේ විමර්ශන කටයුතු කරපු නීතිපති දෙපාර්තමේන්තුව භාරව හිටපු අධිකරණ ඇමතිවරු මෙතනට කැඳවලා නැහැ. කටයුතු කරපු පොලිස් නිලධාරීන්ට එරෙහිවම පොලිස් පොලිසිය විමර්ශනය කරනවා. විමර්ශන කටයුතු උසාවියට ඉදිරිපත් කරපු නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධවම නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරනවා. මේ වගේ ඉතාම විහිළු සහගත තත්වයක් තියෙන්නේ ඇත්තටම.

බොහොම පැහැදිලිව අපි ජනතාවගෙන් ඉල්ලනවා. එදා කරන ලද ඒ මහා ජාතික මංකොල්ලය ඩොලර් මංකොල්ලය. ඒ හරහා තමයි ලෝකයේ විවිධ තැන්වල අද දේපල මතුවෙන්නේ. ජෙට් යානා මතුවෙන්නේ. ඒවා ඔබෙන් කොල්ල කාගත්ත ධනය. අද ඔබ දුක් විඳින්නේ ඒ මංකොල්ලයේ ප්‍රතිඵල. ඒ වෙනුවෙන් පෙනී සිටීම නිසා තමයි අද අපිට උසාවි ගෙනිහිල්ලා දඬුවම් කරන්න, ප්‍රජා අයිතිය අහිමි කරන්න කටයුතු කරන්නේ. අපි සතුටින් ඒ සියල්ල විඳ දරා ගන්නවා. ඔබෙන් අපි ඉල්ලන්නේ අපේ ජනතාවගෙන් මේ පාපය තවත් ඉවසන්න එපා. මේකට එරෙහිව නැගිටින්න.” යනුවෙන් චම්පික රණවක මහතා පවසා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පාඨලී නිහඬ කරන්න හදනවා

මෙහිදී පාඨලී චම්පික රණවක මහතාගේ නීතීඥ සහාය සඳහා පැමිණි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු දේශපාලන වශයෙන් නිහඩ කිරීම සඳහා මෙම විගඩම් ක්‍රියාත්මක වන බවයි.

“අද මේ විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියට පාඨලී චම්පික රණවක මහත්මයා කැඳවලා තියෙනවා. ඒ කැඳවීමේ අරමුණ වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් එහෙම නැත්නම් එවකට අගමැති විසින් පත්කර දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක්ව සිටිම හේතුකොටගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවද නැද්ද කියලා හොයලා බලන්න. මේක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටීම සිටීම හේතුවෙන් සහ අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක අනුමැතියෙන් පත්කරන ලද විශේෂ ජනාධිපති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක්ව සිටීම නිසා එම කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග වලට චම්පික රණවක මැතිතුමා වගකිව යුතුද නැද්ද කියලා හොයලා බලන්න කියලා තමයි මේ අද ඇවිල්ලා තියෙන්නේ.

මීට පෙරාතුව උපාලි අබේරත්න කමිටුව විසින් කැකිල්ලේ නඩු තීන්දු ගණනාවක් දීලා තිබුණා. උපාලි අබේරත්න කොමිෂන් පදනමින් තමයි ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මේ විශේෂ ජනාධිපති කොමිසම පත් කරේ. දැන් කියනවා ඒ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මත නෙවෙයි ඊට වඩා ස්වාධීනව තමයි මේක සොයා බලන්නේ කියලා

යනුවෙන්ද ඔහු සඳහන් කරන ලදී.

© මුලාශ්‍රය – මාධ්‍ය ඒකකය

About The Author