අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා
රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් රජය සහ එහි ඇමතිවරුන් දැඩිව විවේචන එල්ල කරන ලදී.
කාබනික පොහොර වගාව ප්‍රචලිත කළ යුතු ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙන ප්‍රධාන පුද්ගලයෙකු බව පැවසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ද මීට එක්ව සිටීම විශේෂත්වයක්.
මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා වෘත්තිකයන්ගේ ජාතික ලේකම්වරයාට උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබුණා.
කාබනික වැඩපිලිවෙල හෙට කරන්න කියා තමන් නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍යට කියන්නැයි ඔහු උපදෙස් දුන්නේය.
සුරක්‍ෂිත ආහාර තිබීම වෛද්‍ය සංකල්පයක් නිසා කියූ බවත් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කල ද රටට කියන්ට බාර නොගත් බවත් ගොවියාත් ඇතුළු දෙදෙනාම රැකගත යුතු බවද පවසන්නැයි ඔහු එහිදී පැවසීය.
කතෘ සටහන - මෙම පුවතට අදාළව පල කර ඇති ශිර්ෂ පාඨය සහ වාර්තාකර ඇති සිද්ධිය අතර සෘජු සම්බන්ධතාවයක් නොමැත. නමුත් සමාජ ආදර්ශයක් සපයමින් ප්‍රේම කීර්ති ද අල්විස් මහතා විසින් රචිත පාන්කිරිත්තා ගීතය අදටත් ජනතා අවධානයට ලක්වන බැවින් සහ මෙම ගීතය මගින් අරුත් ගැන්වෙන යථාර්තයන් සමාජයේ දක්නට ඇති නිසා අදාළ ගීත කොටස් මෙහි සිරස්තලය සඳහා යොදා ගෙන තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි