Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ප්‍රොෆෙසර් මෙතන ඇමති ඔයා නෙමෙයි මමයි” – මහාචාර්ය හල්වතුර සහ වියත්මගේ රාජ්‍ය ඇමති සීතා අතර සීතල යුද්ධය ?

වර්තමානයේ රට අගාධයට ඇද වැටීම සඳහා වගකිව යුත්තේ දේශපාලකයින් නොව නිහඬව සිටින බුද්ධිමතුන් බව මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ කොමසාරිස් ධුරය දැරූ මහාචාර්යවරයා පසුගියදා ධුරයෙන් ඉවත් කර තිබුනේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරව බවයි වාර්තාවන්නේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන හල්වතුර මහතා ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මෙරට ලාබාලතම මහාචාර්ය වරයා ලෙස සැලකෙනවා.

2017 වසරේදී ලෝක තරුණ විද්‍යාඥයා ලෙස ජාත්‍යන්තර සම්මානයට පවා පත්වූ ඒ මහතා නව නිපැයුම් 14 ක් සඳහා පේටන් බලපත්‍ර හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ කොමසාරිස් ධුරයෙන් අත්තනෝමතික ලෙස ඔහු ඉවත් කරන ලද බවට පුවත සැල වීමත් සමග අප ඔහුගෙන් මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසීමට කටයුතු කළා.

එහිදී ඔහු පැවසුවේ මෙරට දේශපාලකයින් වංචාව, දුෂණය,අක්‍රමිකතා සහ මැර ක්‍රියා සමග බද්ධව කාටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

ඔහු කොමසාරිස් ධුරය දැරූ ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම අයත් රාජ්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් එක් ප්‍රසිද්ධ ආයතනික රැස්වීමකදී තම අමතා සිදුකළ දෝෂාරෝපණයක් පිළිබඳවද මහාචාර්යවරයා මෙම සාකච්ඡාවේදී කරුණු හෙළිකිරීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයාගේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා තමන් විසින් සහය ලබා දීමට දැරූ උත්සයක් ව්‍යාර්ථ කිරීමට කටයුතු කිරීමේ සිදුවීමක් පිළිබඳවද ඔහු මෙහිදී අනාවරණය කළා.

About The Author