නැවත පරීක්ෂාවෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරලා
ලිට්රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් ගෑස් නෞකාවකට ගොඩබෑම සඳහා අවසර හිමිව තිබේ.
එම සමාගම විසින් පසුගියදා ඇණවුම්කරන ලද ගෑස් රැගත් නැව් දෙකක් මෙරටට පැමිණි අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේය.
එහිදී අදාල ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතිය සහ ගෑස් කාන්දු හඳුනා ගන්නා එතිල් මර්කප්ටන් වායුව නිසි ප්‍රමිතියෙන් අන්තර්ගතව නැති බව අනාවරණය වී තිබුණි.
එබැවින් එම නෞකාවලට මුල් අවස්ථවේ ගෑස් ගොඩබෑමට අවසර නොලැබුණු බව සඳහන්.
නමුත් පසුව ඔවුන්ගේ දැඩි ඉල්ලීම මත නැවත වතාවක් අදාළ නැව් දෙකේ ගෑස් සාම්පල පරික්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව නෞකා දෙකෙන් එක් නෞකාවක ඇති ගෑස් තොග මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට