ජනපති උපදෙස් මත ඇමති කෙහෙළිය වැඩ අරඹයි
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ජනතාව තුළ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට රජය සුදානම්ව සිටිනවා.
ඒ සඳහා වන විශේෂ කැබිනට් අනුමැතියක්ද මේ වන විට ලැබී ඇති අතර ආදායම් අහිමි පවුල් ලක්ෂ 25ක් වෙත ඒවා මුලින්ම ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
එම අදියරයන් අනතුරුව දිවයින පුරා ජනතාවට මෙම ඖෂධ වර්ග ලබා දීමටයි තීරණය වී තිබෙන්නේ.
එහිදී දේශීය ඖෂධ ඇතුළත් මංජුසාවක් ජනතාවට ලබාදෙන දීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළ තීරණය පහලින්..
කොවිඩ් – 19 වසංගතය පාලනය සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීම සඳහා වූ ව්‍යාපෘතිය- දැනට රටපුරා පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ සහ ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබා දීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කර ඇති ඖෂධ මංජුසාවක් දිවයිනේ සෑම පවුලක් වෙතම ලබා දීමටත්, යෝජිත වැඩසටහනේ පළමු අදියර යටතේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ 25ක් සඳහාත්, දෙවන අදියර යටතේ ඉතිරි සියලුම පවුල් සඳහාත් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට