හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
ඔහු අමාත්‍ය ධුරය දැරූ සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්ෂණයට නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත්කර එම සමාගම වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් රුපියල් හතලිස් හත් ලක්ෂ 50,828ක කොමිස් මුදලක් ගෙවීමට සලස්වා වාසියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුකිරීම අදාළව හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට