බාල පොල්තෙල් අලෙවිකරුවන් වැටලීමට මෙහෙයුම් – තත්වයෙන් උසස් පොල්තෙල් නිෂ්පාදන සඳහා තරු
ප්‍රමිතියෙන් තොර බාල පොල්තෙල් වෙළඳපොලේ තවමත් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබෙනවා.
විශේෂයෙන්ම ඇතැම් දේශීය පොල් තෙල් මෝල් හිමියන් විසින් ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කිරීම සහ පොල් තෙල් වලට විවිධ ආදේශක කවලම් කිරීම්ද වාර්තාවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙනත් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම දේශීය වෙළඳපොලේ ඇති තත්ත්වයෙන් උසස් ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනය සඳහා තරු පහක් ලබාදීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට