මේ වන විට පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී ක්‍රියාත්මක 25% කාන්තා නියෝජනයකට ඉඩ සැලසීමේ ක්‍රමවේදය පළාත් සභා සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා සංවිධානයේ හිටපු සභාපති, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසන්නේ ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේදී කාන්තා නියෝජිතවරියන් ගේ කාර්යභාරය සුවිශේෂී වන බවයි.
එම තත්ත්වය තත්ත්වය අවබෝධ කර ගනිමින් යහපාලන රජය සමයේ දී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී 25% ක කාන්තා නියෝජනයක් සිදු කිරීමට හැකි අයුරින් මැතිවරණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කළ ආකාරය සිහිපත් කළ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඒ අයුරින්ම පළාත් සභාවල කාන්තා නියෝජනයද 25% සීමාව දක්වා ගෙන ඒම වෙනුවෙන් පාර්ලිමේන්තුව වහා මැදිහත්විය යුතු බව ද පැවසුවා.
ජගත් කාන්තා දිනය වෙනුවෙන් පසුගියදා (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සැමරුම් උත්සවයේදී ද පළාත් පාලන ආයතන වල මෙන් පළාත් සභා සඳහා ද කාන්තා දේශපාලන නියෝජනය 25% දක්වා ඉහළ නැංවිය යුතු යැයි වන යෝජනාවක් සම්මත වූ බවද ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
මේ වන විට පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය, ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රායෝගික කාරණා පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින් කාන්තාවන්ගේ දායකත්වය වඩාත් සක්‍රීයව සහ ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම වෙනුවෙන් සියලු පාර්ශව දේශපාලන භේදයකින් තොරව මැදිහත් වියයුතු බවද ඇය එහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට