පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද (24) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය යි.
පෙරවරු 10ට පැවැත්වෙන මෙම හමුවේ දී මැතිවරණය සම්බන්ධයෙන් දැනට මතු ව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව තැපැල් ඡන්ද අයදුම්කිරීමට ලබාදුන් කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ගැන තමාටද සැකයක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට