පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පසු 99%ක් ගෙවල්වල අම්මලා මෙන්ම දරුවන් ද අඬන්න පටන් ගත් බව කී මන්ත්‍රීවරයා පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බව ද සඳහන් කළේය.
ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවත්, තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නැතැයි ද දරුවන්ට වගේම මාපියන්ටත් පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක් යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට