දන්දිනා දේව මාතාව අදහන බවත්, ජනාධිපතිවරයා සෝවාන් වී ඇති බවත් පවසමින් පහනට තෙල් නමින් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන පැවසු පුද්ගලයෙකු පිළිබඳ පුවතක් අප මීට දින කිහිපයකට පෙර ඔබට වාර්තා කළා.
රට වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය බව සඳහන් කළ අදාළ පුද්ගලයා සඳහන් කලේ තමන් එස් මහින්ද හිමියන්ගේ පුනරුප්පතියක් බවයි.
පහනට තෙල් නමින් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කර රට වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළ පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා අද පහනට තෙල් ජාතික ව්‍යාපාරය නමින් පෙනී සිටිමින් ගාල්ල බටපොල නගරයේදී විරෝධතාවක නිරත් වුණා.
එහිදී ‘බටපොල පොලිසිය සහ පාතාලය හරි මිතුරුයි’ , ජනයා අසරණයි බටපොල ප්‍රදේශයට අවධානය යොමු කරන්න” ආදී වැකි ඇතුලත් බැනර් කිහිපයක් ප්‍රදර්ශනය කරමින්.
කෙසේ වෙතත් එම ස්ථානයට කඩා වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමන් මාවනාන හේවා සහ කිංස්ලි වීරසිරි යන මන්ත්‍රීවරුන් පැමිණ අදාළ බැනර් ඉරා දමමින් එම විරෝධතාව කඩාකප්පල් කර දැමුවේ එය නීති විරෝධී බව පවසමින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ග්‍රේෂන් කෙරමිනියගේ මහතා පැවසුවේ මෙය ප්රජාතන්ත්රවාදයට එරෙහිව එල්ල වූ මර ප්‍රහාරයක් බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට