Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පසුගිය වසරේ පාඩුව බිලියන 200 ඉක්මවයි : ආණ්ඩුවේ වරදින් හොම්බෙන් ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවය කැබලි කර විකුණා දැමීම ඇරඹෙයි : ප්‍රතිව්‍යුහගතකරණය ලෙස නමකුත් දමයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයේ පාලනය යටතේ පවතින ආයතනයක් වන අතර එහි පසුගිය වසරේ පාඩුව රුපියල් බිලියන 200 ද ඉක්මවා ගොස් ඇති බව වාර්තාවනවා.

රජයේ අකාර්යක්ෂම සහ අත්තනෝමතික දේශපාලන අත පෙවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්වය උදා වී තිබෙනවා.

එවැනි වට පිටවක් තුළ අදාළ ආයතනය පාඩු ලබන විට එය විකුණා දැමීමට රජය කටයුතු කරමින් සිටින අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසන්නේ ගුවන් සමාගම සතු සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවයි.

කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

රාජ්‍ය ආයතන වල මුල්‍ය විනය සම්බන්ධයෙන් පසුගියදා Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතාද මේ පිළිබඳ කරුණු රැසක් හෙළි කළා.

About The Author