ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට පියවර ගෙන ඇති බවය.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවන වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවන බවයි.
මේ අතර මහනුවර – නුවරඑළිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.
පොල්ගහඅන්ග ප්රදේශයේදී මෙම ගස කඩා වැටී ඇති බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් ගෙලිඔය සහ වැලිගල්ල අතර ප්රදේශයෙන් මහනුවර – නුවරඑළිය මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි