පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොරෝනා ආසාදනය වී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.
කොරෝනා ආසාදිතව මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සිවුදෙනාගෙන් එක් නිලධාරිනියක් බිම මෙට්ටක් මත සිටින බව පැවසූ කොඩිතුවක්කු මහත්මිය සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්‍ෂා සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසික්‍රමවේදයක් සකස් කර නොමැති බවට චෝදනාවක්ද සිදු කළා.
මේ අතර හෙදියන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම රෝහල් වල සෙසු කාර්යමණ්ඩල සාමාජිකයින් රැසක්ද කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඈති අතර මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් සමස්ත සෞඛ්‍ය පද්ධතියම කඩාවැටීමේ අවධානමකට පත්වනු ඇති බවට සෞඛ්‍ය වෘත්තීය වේදීන් අනතුරු අඟවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට