Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පවිත්‍රාදේවී මහින්ද සහ පොහොට්ටුව අතහැර රනිල් සමඟ බැඳේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකක් ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සහ ආධාරකරුවන්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹි බව ඇය සඳහන් කරයි.

වාර්තා සඳහන් කරන්නේ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව දන්වා ඇති බවය.

එහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.

ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිපියක් ලියා තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්ව තිබේ.

සිය නව තීරණය දැනුම්දෙමින් ඇය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

About The Author