Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරීක්ෂණ වලින් තහවුරු කළ චීන අසූචි සහ බැක්ටීරියා අඩංගු නැව ලංකාව දෙසට යළි ගමන් අරඹයි : චීනයේ බලපෑමට ලංකාව ඇඹරෙයි

පොහොර මගඩිය පහසු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායක ද වෙනස් කර ඇති බවට තොරතුරු

සියල්ල නොමඟ යැවීමට රසායනික පොහොර සහ කාබනික පොහොරත් එකට පටලවයි

අසූචි සහ අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බවට මෙරට දී සිදුකරන ලද සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ කාබනික පොහොර අඩංගු නෞකාව මේ වන විට ශ්‍රී ලංකාව වෙත නැවත ගමන් අරඹා තිබෙනවා.

HIPPO SPIRIT නම් මෙම නෞකාව පැනමා ධජය යටතේ යාත්‍රා කෙරෙනවා.

එම දින කිහිපයක් සිංගප්පූරු වරායේ නැංගුරම් ලා තිබූ අතර නැවත ගමන් ආරම්භ කර තිබෙනවා.

මේ වන විට අදාළ නෞකාව මලක්කා සමුද්‍ර සංදිය ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබෙන බව පැහැදිලිව දැකගත හැකියි.

අදාළ නෞකාවේ එළඹෙන ඉරිදා දිනයේ හෝ සඳුදා දිනයේ දිවයිනට සේන්දු වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි වාර්තාවන්නේ.

එම නෞකාවේ ඇතැයි පැවසෙන මෙරට විද්‍යාඥයින් විසින් භාවිතයට සුදුසු බව නිර්දේශ කරන ලද කාබනික පොහොර තොගය භාරගන්නා ලෙස චීන තානාපති කාර්යාලය හරහා ලංකා රජයට බලපෑම් එල්ල වී ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.

ඊට පෙර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාල ප්‍රශ්නගත පොහොර තොගයට අදාළ චීන සමාගමේ කාබනික පොහොර ලබා ගැනීම සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේ ශ්‍රී ලංකාවේ විද්වතුන් සහ රසායනාගාර පරීක්ෂණ ද අභියෝගයට ලක් කරමින්.

එම සාම්පල වල අඩංගු අහිතකර අර්විනියා බැක්ටීරියාව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය විවිධ තර්ක ඉදිරිපත් කළ නමුදු අදාළ පොහොර සාම්පලවල මිනිස් අසුචි වල ඇති ඊ කෝලයි බැක්ටීරියාව අඩංගු වූයේ කෙසේදැයි යන පැනයට කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකත් වෙනස් කරලා ?

මෙම බරපතළ ජෛව විනාශය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සහ පරිසරවේදීන් දැඩි විරෝධය පළ කරන අතරතුර රජයට සම්බන්ධ මහාචාර්ය වරයෙකු සහ පුද්ගලයින් කීප දෙනෙක් යොදා ගනිමින් ‍ පොහොර ඇතුළු ජෛවීය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී බලපැවැත්වෙන නිර්ණායක කීපයක් හිටි හැටියේ සංශෝධනය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

මෙය ඉතා බරපතළ මෙන්ම ඛේදජනක තත්වයක්.

සැබැවින්ම මෙවැනි අපරාධයක් සිදු කර තිබේ නම් එය ශ්‍රී ලංකාව තුළ මහා ජෛව සංහාරයකට අතවැනීමක්.

රසායනික පොහොර සහ කාබනික පොහොර කලවම

විද්‍යාඥයින් සහ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ සියලූ කරුණු යට ගැසීම සඳහා මෙන් ම කාබනික ප්‍රචලිත කරන බව පවසමින් රසායනික පොහොර ද මහා පරිමාණ වශයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් පවතින බවයි.

පොටෑසියම් ක්ලෝරයිඩ් නම් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 30 000 ක් මෙරටට ගෙන්වා ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒවා හඳුන්වන්නේ කාබනික පොහොර වර්ගයක් ලෙස වීම විශේෂත්වයක්.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කරන්නේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් ය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් පෙන්වා දෙන මහාචාර්යවරිය ඒ අනුව ඒවා ද අත්වන්නේ රසායනික වෙන බව පෙන්වා දෙනවා.   

දේශපාලන අතපෙවීම් මත රටකට සිදු වූ සහ සිදුවන මහා ජෛව සංහාරයක සුල මුල ගැන හෙළිදරව්වක් පහළින්..

About The Author