වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු තොගයක් හමුවී ඇති බව වාර්තාවනවා.
වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච් නිහාල් මහතා පවසන්නේ පරිප්පු සාම්පල් කිහිපයක සිදුකළ පරීක්ෂණ වලදී ඒවායේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව හෙළි වූ බවයි.
ඒ අනුව වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තිබු ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් (3150 ) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම පරිප්පු තොගය පිළිබඳ කරුණු අනාවරණය වි ඇත්තේ එම සමිතිය මගින් කල් ඉකුත් වූ යෝගට් විකුණන බවට පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවක දී වීම ද විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට