Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරිඝණක අපරාධ, කළු ජූලියේ අපරාධ හා කට වැසීම – නන්දන වීරරත්න

අද උදේ 9.00 රහස් පොලිස් මූලස්ථානයේ පරිඝණක අපරාධ විමර්ශණ අංශයේ පෙනී සිටිනැයි අපට නියෝග කෙරුණේ පසුගිය අඟහරුවාදා හැන්දැවේ ය.

නියෝගය තිබූ කඩදාසියේ සඳහන් අංකයට කතා කර පරීක්ෂණය කුමක්දැයි විමසා සිටියත් එයට පිළිතුරු දුන් නිලධාරීයා පැමිණිල්ල කුමක්දැයි කීම ප්‍රතික්ෂේප කළේ ය. මේ නිසා පසුගිය කාලය පුරා මුහුණු පොතේ, බ්ලොගයේ, රතු තරුව සහ සතිඅග අරුණ පුවත්පත් වලින් කවරකට ලීයු වාර්තාවක් මත කෙරුණු පැමිණිල්ලක් මත කෙරෙන පරීක්ෂණයක් දැයි අපට සිතා ගත නොහැකි විය.

හිත මිත්‍ර නීතීවේදිගේ උපදෙස වුයේ පසුගිය මාස දෙක පුරාම ලියූ දේවල් ගැන කල්පනාවෙන් කට උත්තර දිමට සුදානම්ය යුතු බවය. ඒ අනුව අද උදෑසන හරියටම 9.00 රහස් පොලිස් මූලස්ඨ්හානය ගිය අප එහි දෙවන මහළේ පරිඝණක අපරාධ අංශයට කැඳවා ගෙන යන ලදී.

එහිදි එම අංශයේ රහස් පරීක්ෂක වරුන් තිදෙනෙක් අපගෙන් පර්ශ්ණ කිරීමට සුදානම්ව පැමිණිල්ල හැටියට ඉදිරිපත් වූ අප 1983 කළු ජුලියේ වැලිකඩ හිරගෙදර දී 25 වෙනිදා සහ 27 වෙනිදා දෙමළ සිරකරුවන් 53 මරා දැමීම ගැන පරීක්ෂණ ඉල්ලමින් ලීයු වාර්තා පිටපත් සහ එහි ඇතැම් සැකකරුවන් නම් කරමින් ලියූ සටහන් ඉදිරිපත් කෙරුණි.

ඒවා අප විසින් ලියන ලද බව තහවුරු කර දිනය සමඟ අතසන ද ලියුවෙමු. මේ වාර්තා රහස් පොලිසියට පැමිණිල්ලක් හැටියට ඉදිරිපත් කර තිබුනේ එවකට වැලිකඩ හිරගෙදර සිරඬුවමක් විඳිමින් සිටි සේපාල ඒකනායක ඇතුළු කණ්ඩායමකි.

මගේ කට උත්තරයේ දී මම මෙසේ කීවෙමි. “ 1983 ජුලි මාසයේ අගවෙද්දී මා සිටියෙ කොලඹ නගරයේ ය. එවකටත් මම පුවත්පත් වාර්තාකරුවෙක්මි. මා වාර්තාකරුවෙක් වූ පුවත්පත තහනම් කර තිබූ නිසා මේ ගැන එකල වාර්තා කිරීමට නොහැකි විය.

එහෙත් මේ සිරකරු ඝාතනය ලංකා ඉතිහාසයේ නින්දිත හා සාහසිකම සමුළ ඝාතනවලින් එකකි. රජය භාරයේ, රජයේ ආරක්ෂාව යටතේ, රාජ්‍ය හිරගෙදර සිටි දේශපාලන සිරකරුවන් 53 ක් එහි සිටි දඬුවම් විඳිමින් සිටි අපරාධකරුවන් විසින් සංවිධානාත්මක දෙවතාවක දී මරා දැමීම ගැන විධිමත් පරීක්ෂනයක් හෝ නඩු විභාගයක් පැවැත් වූනේ නැත.

පසුගිය වසර 38 පුරාම සිදු නොවූ ආකාරයට අනාගතයේ ද කෙරෙන බවක් පෙනෙන්නට නැත. මේ නිසා මේ සමුළ ඝාතනය සිහිපත් කරමින් විටින් විට අනුස්මරණයන් ලියමි. 1998 මා බිබීසී ලොක සේවයේ සේවය කරමින් සිටිද්දී මේ අපරාධයේ ඇසින් දුටු සාක්ෂි වලින් වැඩසටහන් පෙළක් සම්පාදනය කළෙමි.

එහි එක් සාක්ෂිකරුවෙක් වූ ඥාණසේකරන් මේ සමුහ ඝාතනයේ ප්‍රධාන නායකයෙක් හැටියට සේපාල ඒකනායක සහ ඔහුගේ අනුගාමිකයන් නම් කළේ ය. මහාචාර්‍ය රාජන් හුල් ලියූ කෘතිවල ද මේ අපරාණායකයන් ගේ නම් සඳහන් ව තිබේ. වලිකඩ තිබූ මරා දැමුණු සිරකරුවන්ගේ මළ සිරුරු මේ අපරාධකරුවන්ගෙන් මුදවා ගැනීමට ගිය එවකට කොමාන්ඩෝ රෙජි මේන්තුවේ කර්නල් සුනිල් පීරීස් ද මේ අපරාධයේ නායකයන් ගේ මිලේච්ඡ හැසිරීම වාර්තා කර තිබේ.

මේ නිසා මේ සාහසික අපරාධයේ වැරදිකරුවන් නම් කරන තෙක් අප මේ ගැන ලිවීම අත් හරින්නේ නැත. අනෙක මේ වන විටත් වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ මේ ඝාතනය ගැන කෙරෙන වාර්තා චිත්‍රපටයට අදාල ගවේෂණයේ යෙදෙමින් සිටිමි. ඉදිරියට ද එම කටයුතු කරගෙන යමි. [කට උත්තරය මෙතනින් අවසානය]

එහෙත් රහස් පොලිසියට පැමිණිළි කර, අප බියගන්වා යුක්තිය සෙවීම නතර කිරීමට පුත්ගලයෙකුට, කණ්ඩායමකට හෝ රාජ්‍යයකටවත් කළ නොහැකි දෙයක් බව සිහිකරනු කැමැත්තෙමි.

© පුරවැසි සටහන – මාධ්‍යවේදී නන්දන වීරරත්න

About The Author