මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ සුළගේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දූපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බවත් දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරවි දූපත ජාතික උද්‍යාන භාරකරු ආර්. පී. එස්. උඩපෝරුව මහතා පෙරේදා (14) පැවසීය.
මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය යහපත් වන දිනයන් සඳහන් කිරීමට නොහැකි බවත් වර්ෂයේ එක්තරා කාලයක සිදුවන මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බවද උද්‍යාන භාරකරු තවදුරටත් පැවසීය


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට