බළපිටිය, පාතෙගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ අධිකරණ සංඝ නායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නාහිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබා ගැනීමට සූදානම් වූ බවට සැකපිට අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද පොදුජන පෙරමුණේ හබරාදුව ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරයා සහ නෝර්ටන් බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය (06) දෙනා 2021 මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් චරිත ජයම්පති සමරදිවාකර මහතා නියෝග කර තිබෙනවා.
පෙරේදා (19) දින මොවුන් බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් එනම් ඊයේ (20) දින දක්වා අහුන්ගල්ල පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා දී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව අහුන්ගල්ල පොලීසිය බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා පසුගිය 17 වෙනිදා රාත්‍රි 9.30 ට අදාළ විහාරස්ථානයට පැමිණි සැකකරුවන් විමලවාස තිස්ස හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
තමන් වහන්සේ කුඩු වෙළෙඳාමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණය යටපත් කිරිමට මෙසේ රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති මොවුන් එසේ මුදල් ලබා නොදුන්නොත් රැගෙන යාමට සිදුවන බවත් ප්‍රකාශ කළේ යැයි විමලවාස තිස්ස හිමියන් ද පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තඇති බව සඳහන්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්