ආණ්ඩුව විසින් කිසිදු ඉවක් බවක් නොමැතිව පත්තර ගානට මුදල් අච්චු ගැසීමේ නිරතවන බවත් රජයේ අදුරදර්ශි වැඩ පිළිවෙල හේතුවෙන් සමස්තයක් ලෙස රටේම ආර්ථිකය කඩා වැටී ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකලේ පසුගියදා (07) බොරැල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ “පරපුර” තරුණ සංවිධානයේ සාමාජික හමුවකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටකට අනාගත වැඩ පිළිවෙලක් නොමැති වූ විට එහි වැඩිම බලපෑම සිදුවන්නේ රටේ තරුණ පරපුරට බවයි.
කොරෝනා එන්නත මිලදී ගැනීමට තබා රටේ සාමාන්‍ය වැඩ කටයුතු කර ගෙන යෑමටවත් රජයට මේ වන විට මුදල් නැති බව ද පැවසු එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, 2019 දී ආණ්ඩුව භාර දෙන විට ඩොලර් කෝටි 750ක්ව පැවති විදේශ සංචිතය වර්තමානය වන විට ඩොලර් කෝටි 450ක් දක්වා පහළ වැටී ඇති බවද පෙන්වා දුන්නේ එහි සම්පුර්ණ වගකීම වත්මන් ආණ්ඩුව පිට පටවමින්.
අදුරදර්ශි බදු ප්‍රතිපත්ති හේතුවෙන් රජයට විශාල අදායමක් අහිමිව ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මේ වසරේ ඩොලර් කෝටි 450 ණය මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බවද සඳහන් කළා.
එසේ කිරීමට රජයට ඉතිරිව ඇත්තේද ඩොලර් කෝටි 450 විදෙස් සංචිත ප්‍රමාණයක් බවද ඔහු මෙහිදී පෙන්වාදුන්නා.
මෙම අර්බුදය නිසියාකාරව කළමනාකරණය සඳහා අපොසත් ආණ්ඩුව ඒ වෙනුවට සිදුකරමින් සිටින්නේ පත්තර අච්චු ගසන්නාක් මෙන් මුදල් අච්චු ගැසීම බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
2010 දී මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදීත්, 2015 දී යහ පාලනය යටතේදීත්, වසර 10 ක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය මෙන් තුන් ගුණයක මුදලක් වත්මන් රජය ගෙවුණු කෙටි කාලය තුළ මුද්‍රණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2015 වසරේ නිසි ආර්ථික කළමනාකරණයක් සහිතව ජනතාවට සහන ලබාදෙමින්, ණය බර පාලනය කරමින් ක්‍රමිකව රටේ ආර්ථිකය ඉහලට ගෙන ඒම වෙනුවෙන් යහපාලන රජය ගත් උත්සාහයන් සියල්ල ආපසු හැරවීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
ශ්‍රී ලකාවේ මුල්‍ය හැසිරවීම හා කළමනාකරණය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල් විශ්වාසය පළකරන තත්වයක් නිර්මාණය කිරීමට එම කාලයේදී හැකිවූ බවත් වර්තමානය වන විට එම විශ්වාසයද රටට අහිමිව ඇති බවත් සඳහන් කළා.
මෙම වටපිටාව තුළ ආයෝජන රටට අහිමිව ඇති බවත්, බදු ක්‍රමය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බවත් සඳහන් කල වික්‍රමසිංහ මහතා මේ වසර අවසානය වන විට රට මහා ආර්ථික අර්බුධයකට මුහුණ දෙනු ඇති බවට අනාවැකියක්ද පළකළා.
ලොව අනෙක් රටවලට කොරෝනා නිසා සිදු වූ හානිය තවත් අවුරුද්දකින් දෙකකින් අවසන් වනු ඇතැයි පැවසු වික්‍රමසිංහ මහතා ලංකාවට හානි සිදුවුයේ කොරෝනා වලින් පමණක් නොව ආණ්ඩුවේ අදක්ෂකම හේතුවෙන්ද රටට බරපතල හානියක් සිදුව ඇති බවත් එය අවසන් වීමට තවත් කාළයක් ගතවනු ඇති බවත් සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට