ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය සඳහා පොලිස් නිලධාරියකු ද පක්ෂපාතීව අදහස් දක්වන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වීම ආරම්භ වීමත් සමග සමාජය තුළ මේ පිළිබඳ විශාල කතා බහක් නිර්මාණය වුණා.
එහිදී ඔහු සිය රාජකාරි නිල ඇඳුම සහිතව අදහස් පළ කරන්නේ ආණ්ඩුව පලවා හැරිය යුතු බවත් හැකි අයෙකුට ආණ්ඩුව භාර දිය යුතු බවත් කියමිනි.
පොලිසියත් අධිකරණයත් ක‍්‍රියාත්මක වන්නේ දුප්පතාට පමණක් යයිද ඔහු එහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මේ වන විට එම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට සහාය දක්වමින් කටයුතු කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම අදාළ නිලධාරියා මීට පෙරද විනය විරෝධී කාරණා මත සේවය අත්හිටුවනු ලැබූවකු බව ද එම නිවේදනයේ සඳහන්.
එසේ නම් පොලිස් ප්‍රධානින් විසින් මෙතෙක් කලක් සේවයේ යොදවා ඈත්තේ දුෂිත නිලධාරියෙකුද නැතිනම් ඔහු සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න සිහියට නැගෙන්නේ ඔහුත් ජන අරහලයේ සිටගත් පසුවද යන්න ප්‍රශ්නාර්ථයක්.
ඒ කෙසේවෙතත් පොලිස් මුලස්ථානය නිවේදනය කරන ආකාරයේ තවත් විෂමාචාර ලැබූ මෙවැනි නිලධාරීන් රැසක් පොලිසියේ සක්‍රියව රාජකාරි කළ හැකි අතර ඉදිරි දින කිහිපය තුලද ඇතැම් විට ඔවුන්ද ජන අරගලයේ ජනතාව සමඟ එක්ව සිටගනු ඇති.
එමෙන්ම රාජකාරි වගකීම සහ මුලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ කතිකවක්ද සමාජයේ නිර්මාණය වනු ඇති.
අදාළ නිවේදනය මෙසේය.

අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?