ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කැපවීමෙන් එන්නත්කරණ වැඩ පිලිවෙල ඉතාමත්ව සාර්ථක ලෙසින් සිදු කෙරෙමින් පවතින බවත් මේ වන විට හිඟ එන්නත් පවා අවශ්‍ය ලෙස ගෙන්වා ගැනීමට රජයට හැකිව ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
“පහුගිය දවස්වල ජපානයෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලැබෙන්නෙ නෑ කියලා විපක්ශය කෑ ගහනවා දැක්කා.දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනෙකා ජපානයෙන් ලැබිලා තියෙනවා.ඒ ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක්.අදම අපි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය සිදු කරනවා.ඒ වගේම සයිනොෆාම්, මොඩානා ස්පුට්නික් V, ෆයිසර් එන්නත් ජනතාවට ලබා දෙනවා.එන්නත් ලක්ෂ පහක් පසුගිය දිනකදී දිනක් තුල ලබා දුන්නා.ඉදිරියටත් අපි ජනතාවට එන්නත් ලබා දෙනවා බොහොම කාර්‍යක්ෂමව.
මේ කොවිඩ් වසංගත තත්වය තුල ජනතාවගේ ආරක්ෂාව තමයි වැදගත් කියලා කටයුතු කරන්නෙ.අපි ජනතාවගෙ සෞඛ්‍ය ආරක්ෂාව බලන්න ඕනෙ ඒ වගේම ඔවුන්ගේ ආර්ථික තත්වය ගැන බලන්න ඕනෙ විශේෂයෙන්ම දෛනික ආදායම් ලබන ජනතාව ගැන.රටක් වහගෙන ඉදලා බෑ කොයි වෙලාවක හරි රට අරින්න එපැයි.ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා එන්නත් ලබාදීම සිදු කරනවා.අද ජනාධිපතිතුමා කිවුවා ජනතාව එන්නත්කරණය සදහා උනන්දු කරවන ලෙස.ජනතාව පාරට බස්සලා උද්ඝෝෂණය කරවන එකට වඩා ජනතාව එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් හැටියට සලකලා එකතුවෙලා වැඩ කරමු කියලා මම විපක්ශයේ සියලු පක්ෂ වලට ආරාධනා කරනවා.
අපි දැක්ක විපක්ෂයේ දේශපාලනඥයින් මේ එන්නත ලබා ගන්නවා.ඒ වගේම අපේ පක්ෂයේ දේශපාලඥයනුත් එන්නත ලබා ගන්නවා.සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ඒ වගේම අනුර දිසානායක සහොදරයා ජනතා විමුක්ති පෙරමුණ මේ හැමෝම එන්නත් ලබා ගන්නවා දැක්කා.ඒක ඉතාම හොදයි.මම ඒ අයට කියන්නෙ ජනතාවත් දැනුවත් කරමු ඒ වගේම ඔවුන්ව උනන්දු කරමු එන්නත් ලබාගන්න.
මේ කොවිඩ් වෛරසය පක්ශ පාට බලලා නෙවෙයි හැදෙන්නෙ මුලින්ම අපි ඒක තේරුම් ගන්න ඕනෙ.ලෝකයේ රටවල් තමන්ගෙ රටවල් වලට අභියෝග ආපු වෙලාවෙ ඒ අභියොගයන් පරාජය කරන්න කටයුතු කලේ ඒ රටවල පක්ෂ විපක්ශ එකට එකතු වෙලා.හැම එකටම විවේචනය කර කර නෙවෙයි.හොද වැඩකදි හොදයි කියන්නත් කට් ඇරෙන්න ඕනෙ.මම නැවතත් කියන්නෙ විපක්ෂයේ සියළු දෙනාටම ආරාධනා කරනවා එන්නත් ලබාගැනීමට ජනතාව උනන්දු කරවන ලෙසට.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියපු විදියටම එන්නත්කරණ ඉලක්ක කරා අපි ළඟා වෙනවා. එය ස්ථිරයි.ජනතාවගේ ආරක්ෂාව සදහා මේ එන්නත් කිරීමේ වැඩ පිළිවෙළට සහාය දෙන ඉතාමත්ම කාර්‍ය්යක්ෂමව වගකීමෙන් හා කැපවීමෙන් වැඩකරන සියළු දෙනාටම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි“
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ අද (01) දින සිය අමාත්‍යාංශයේ පැවත්වූ සාකච්ඡාවකකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමින්.
© මාධ්‍ය ඒකකය – මහාමාර්ග අමාත්‍යාංශය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට