Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්

උද්ගතව ඇති ආපදා තත්ත්වය සහ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) සවස 2 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධව තීරණයක් ගැනීමටද නියමිතව තිබේ.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ආපදා ඇතිවූ දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව මැති ඇමතිවරු මෙන්ම මන්ත්‍රීවරුද ආපදා ඇතිවූ ප්‍රදේශවලට ගොස් ජනතාවට සහන සැරසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

About The Author