Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නොයෙකුත් කණ්ඩායම් වල අවශ්‍යතා මත ගුරුවරුන් රැවටීමක උත්සාහයක් තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

මේ මොහොතේ සියලුම දෙනා රට ගැන සිතා වැඩ කළ යුතු බවත් ගුරුවරුන් විසින් කරගෙන යනු ලබන උද්ඝෝෂණය ට විසඳුම් ලබා දෙමින් තිබියදීත් වෙනත් කණ්ඩායම් වල අවශ්‍යතාව මත රජය අපහසුතාවයට පත්කරමින් මේ කරගෙන යන අපහසුකාරී වැඩපිළිවෙළ නිසා මුලු මහත් ජනතාවක් හා දරුදැරියනුත් අපහසුතාවයට පත්වන බවයි.

විසඳුම් ලබාදී ඇති ප්‍රශ්නයක් නැවත නැවතත් අර්බුදයකට ගෙන යාමට යම් පිරිසක් සූදානම් වන බව ප්‍රකාශ කළ වාරිමාර්ග රාජ මධ්‍ය අනුරාධ ජයරත්න මහතා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ආණ්ඩුව ඉතා සංවේදීව සියලු ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන බවත් ඒවා මර්දනය කිරීමට කටයුතු නොකරන බවත් සඳහන් කළේ වාරි සෞභාග්‍යයා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමටත් ප්‍රදේශ කීපයක සංචාරයක නිරතවන අතරතුරයි.

එහිදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ නොයෙකුත් කණ්ඩායම් වල අවශ්‍යතා මත ගුරුවරුන් රැවටීමක උත්සාහයක් තිබෙන බවත් සියලු දෙනාගේ ඇස් පාදන සියලුම දෙනාගේ ගරු බුහුමානයට පාත්‍ර වන ගුරුවරුන් හෙට දිනයේ අපේ ඉදිරි අනාගත පරපුර පෙළගස්වන්නන් හැටියට අන්තවාදී කණ්ඩායම් වලට නොරැවටී නිවැරදි දේ අවබෝධ කර ගනිමින් අප රට ජයග්‍රහනය කරා යොමු කිරීමට කටයුතු බවත් පැවසිය.

About The Author