Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“නීතිය රැකලා වැඩක් නෑ – හැමදේටම මාව වැරදිකාරයා කරන්න හදනවා ” ජනපති කියයි

ජනතාව පීඩාවට පත් වන්නේ නම් නීතිය රැකීමෙන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකලේ ඵෙතිහාසික රුහුණු කතරගම මැණික් නදිය අසල පසුගියදා (22) පැවැති ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

ජනතාව තළා පෙළා නීතිය රැකීමෙන් පලක් නොවන බවත් නීති ගෙනැවිත් තිබෙන්නේ නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

නීති ක්‍රියාත්මක කිරීමේ දී අප වැඩ කරන්නේ කාටද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද අප වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් බවද අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු දෙනා ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් බවද සඳහන් කළා.

නීති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික විය යුතු බවද පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රායෝගික නොවන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන බවද සිහිපත් කළා.

ඇතැම් කණ්ඩායම් රටේ සිදුවන සියලු දේ සම්බන්ධයෙන් තමා වරදකරුවෙකු කිරීමට සැරසෙන බවත් පැවසු ජනාධිපතිතුමන්, තමන් කටයුතු කරන්නේ ජනතවගේ සුබසිද්ධිය උදෙසා පමණක් බවද අවධාරණය කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා කතර ගමට පැමිණීම හේතුවන් හෙලිකොප්ටර් යානා ගොඩබෑමේ අරමුණින් කතරගම පූජා භුමියේ දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බව පවසමින් පසුගිය දින වල ව්‍යාප්ත වූ තොරතුරු අසත්‍ය ඒවා බවයි.

About The Author