නීතිපති දප්පුල ද ලිවේරා, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සිටින මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු පිළිබඳ සහ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පිළිබඳ සමුද්‍ර විශේෂඥයෙකු සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ නීතිපති නිල මැඳුරේදී මෙම සාකච්ඡා පැවැත්වූ බවයි. කලාපීය වශයෙන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට හා අනෙකුත් අපරාධ හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පවතින නෛතික ගැටලූ හා කලාපයට අදාළ විමර්ශන ගැටලූ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට