ගොවීන් සහ පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානය
- නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා ….
- ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර …
- පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය …
- රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත…
මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ අන්ත්ර්ජාලය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණ වලට එළැඹ තිබෙනවා.
එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මූලිකව සාකච්ඡාවට ලක් විය.
දෙවන මාත්‍රාව සඳහා අවශ්‍යව ඇති ස්පුට්නික් (Sputnik) එන්නත් මාත්‍රා එක්ලක්ෂ විසිදහසක ප්‍රමාණය ඉදිරි සතිය ඇතුළත ලැබීමට නියමිත බව කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළ බව වාර්තවනවා.
කොවිඩ් ආසාධිතව මිය ගිය පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් අවුරුදු 60ට වැඩි වයස් ඛාණ්ඩයට අයත් වන අතර ඉන් වැඩි දෙනෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී තිබෙනවා.
එම නිසා ජංගම එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවමින් එන්නත් ලබා ගැනීමට පැමිණිය නොහැකි වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ රෝගාබාධවලට ලක්ව ඇති පිරිසට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කාර තිබෙනවා.
එන්නත ලබා ගැනීමට පසුගාමී වන පිරිස එන්නත ලබා ගැනීම සඳහා දිරිමත් කළයුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.
ගොවීන් පිළිබඳ අවධානය
සිය අස්වනු දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිවීමෙන් එළවළු ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ නිසා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
පාසල් දරුවන් වෙනුවෙන්
2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත්, එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමා විය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුව ඇති බලපෑම සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතී. ඒ අනුව පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව කඩිනම් නිර්දේශයක් ලබාදීම සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පවරා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට