Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නියුමෝනියාවට දෙන ඖෂධ හිඟයක් – කොරෝනා රෝගීන් දැඩි අවධානමක

කොවිඩ් නියුමෝනියා තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයන්ට අත්‍යවශ්‍ය වන Tocilizumab
(ටොසිලිසුමැබ්) නම් ඖෂධය රෝහල්වල නොමැති බව තහවුරු වී ඇතැයි Lanka Truth වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඊයේ දිනයේ (17) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ සෞඛ්‍ය රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසා තිබෙන්නේ අදාළ ඖෂධ හිඟයක් නොමැති බවයි.

එහෙත් මේ වන විට හෙළිව තිබෙන්නේ වෛද්‍ය සැපයුම් ආයතනයට මෙම ඖෂධ තොග නැවත ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේදී බවයි.

මේ වන විට කොළඹ ජාතික රෝහල ඇතුළුව රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ ප්‍රධාන රෝහල් කිසිවක මෙම ඖෂධය නොමැති බවයි වාර්තා වන්නේ.

මීට ආසන්නතම උදාහරණය කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදිත සිය පියාට පවා ලබා දීම සඳහා අදාළ ඖෂධය සොයා ගැනීමට අසීරු වීමයි.

About The Author