Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිදහස වචනයට සීමා වූ රටක මොන නිදහස් උත්සවද : විපක්ෂ නායකවරයා නිදහස් දින සැමරුම් උත්සවය වර්ජනය කරයි

නිකමුන්ගේ වදන්වලට සැලෙන්නේ නැහැ

74 වන නිදහස් දින සැමරුම් උත්සවය වර්ජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ අකරගම රජයේ රෝහලට රුපියල් පහළොස් ලක්ෂ අසු නමදහසක් වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වුණා.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති “හුස්ම” වැඩසටහනේ 43 වැන්න ලෙස මෙය ක්‍රියාවට නංවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ දෙසිය විසි ලක්ෂයක ජනතාව ජීවත්වීමේ නිදහස පවා අහිමිව සිටියදී සමරන නිදහස් දින සැමරුම වලින් ඵලක් නොමැති බවයි.

නිදහස් දිනය දා ද ජනතාව ගේ නිදහස වෙනුවෙන් නිදහස් සටන් රැසක් දියත් කිරීමට විපක්ෂයට සිදුව ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සඳහන් කළා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේය යන වගකීම ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති මොහොතක විපක්ෂය ලෙස අදාළ කාර්යභාරය වෙනුවෙන් තමන් නායකත්වය ලබාදෙන බවයි.

වැඩක් කිරීමට නොහැකිව විවිධ අදහස් පළ කරන නිකමුන්ගේ වදන්වලට තමන් කිසිදා නොසැලෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා.

About The Author