සාෆි ගැන ලියු මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී නොසිටි අය චමුදිත වෙනුවෙන් පෙනී සිටීම විහිළුවක් බව කියයි
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන්දින සාදය, පියුමි හංසමාලි මහත්මියගේ නිරෝධායන සිද්ධිය සහ මේ සියල්ලම සමග ගැට ගැසුණු චමුදිත සමරවික්‍රම මහතාට ජිවිත තර්ජන එල්ලකළ බව පැවසෙන සිදුවීම පිළිබඳ කතාබහ තවමත් නිමවී නැහැ.
මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ලකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළකළ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන ලිපි ශීර්ෂය යටතේද චමුදිත සමරවික්‍රම මහතාට පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පාර්ශ්වයෙන් මරණ තර්ජන එල්ල වූ බව පැවසෙන සිද්ධියට එරෙහිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
මාධ්‍යවේදියෙකුට එලෙස මුහුණ පෑමට සිදුවූ සිද්ධියකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එලෙස ප්‍රතිචාර දක්වද්දී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් දිවයින පුවත්පත ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අද (13) සිය පුවත්පතේ කතුවැකිය හරහායි.
පතෝල මැස්සේ මාධ්‍ය ආරක්ෂාව (චමුදිත සමරවික්‍රම සිද්ධිය) යන තේමාව යටතේ ලියා ඇති අදාළ කතුවැකිය හරහා ඔවුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳ බරපතල විවේචනයක් කර තිබෙන්නේ කරුණු කිහිපයක් ගෙන හැර දක්වමින්.
චමුදිත සමරවික්‍රම වෙනුවෙන් හඩනගන මෙම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නම් සංවිධානය එදා සාෆි නම් වෛද්‍යවරයාගේ වඳ සැත්කම් රටට හෙළිකළ මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපමණ මානසික වදහිංසා පමුණුවන විට නිහඬව සිටි බවටයි දිවයින චෝදනා කරන්නේ.
උපුටා ගැනීම – ජුනි 13 වන ඉරිදා දිවයින පුවත්පතේ කතුවැකිය
චමුදිත සමරවික්‍රම පසුගිය දිනවල දැඩි ලෙස පොලිසිය විවේචනය කළේය. මේ අනුව ඔහුට පොලිසිය තුළ හතුරන් සිටීමට පුළුවන.
එසේම පොලිසියේ හතුරන් පොලිසිය චාටර් කිරීම සඳහා පොලිසියේ එකවුන්ට් එකට බැර වනු පිණිස චමුදිතට වැඩක් දීමට පුළුවන. එසේම පියුමි හංසමාලි නමැති ස්ත්‍රිය සහ මනමාලියන්ට අන්දන චන්දිමාල් ජයසිංහ යන අයද මේ දිනවල චමුදිතට සතුරු බව පෙනේ.
පියුමි හංසමාලි ගේ ෆේස්බුක් පෝස්ට්වලින් ඒ බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ දෙදෙනාම හානිදායක අය නොවෙති. තව කෙනකුට බැණීමට වැඩි යමක් පියුමි හංසමාලිට නුපුළුවන.
කිසියම් පුද්ගලයකු විසින් බිම දමාගෙන එතුමියට නැව් ගුටි දෙන වීඩියෝ පටයක් පෙර දිනක අපි දුටුවෙමු. (ගැහැනුන්ට ගහන එවුන්ගේ අත් කැපිය යුතුයි.* චන්දිමාල් ජයසිංහ යනු ආගමික ජීවිතයකට ටිකක් මෙහායින් ඇති ජීවිතයක් ගත කරන කෙනෙකි. කොන්ත්‍රාත් එකක් දී කෙනකුට වැඩක් දීමට ඔහුට බැරිය. එහෙත් චමුදිත ගේ අත පය හතර කඩා කට කුඩුකොට නාසය සමතලා කර එම ප්‍රහාරය පියුමි සහ චන්දිමාල් ගේ ඒකාබද්ධ ගිණුමට බැර කිරීමට ඒ දෙදෙනාගේ සතුරන්ට පුළුවන. තමාට ඇති තර්ජනය සහ එයට සම්බන්ධ පසුබිම ගැන චමුදිත මීට වඩා යමක් කිව යුතුය. එවිට එය හෙළිකර ගැනීමට ආණ්ඩුවට පුළුවන.
චමුදිත සමරවික්‍රම පිළිබඳ සිද්ධියේදී ඉතා හාස්‍යජනක යමක් සිදුවිය. ඒ වූකලී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නමැති පතෝල මැස්ස විසින් නිකුත් කළ නිවේදනයකි. මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ විටක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති තත්ත්වයක් හටගෙන ඇත්නම් එය අතිශය බිහිසුණු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනයේ සඳහන් ය.
සාමාන්‍යයෙන් චමුදිත සමරවික්‍රම ගේ සිද්ධිය සහ රාජ්‍යය අතර සම්බන්ධයක් අපට නොපෙනේ. එසේ නම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනය ලියූ එකා එය ලියා ඇත්තේ තුන්වන ගංජා සුරුට්ටුවේ අන්තිම උගුරත් ගසා වැඩි සීනි කිරි තේකක් බී මස්කට් කෑල්ලක් ද කෑමෙන් පසුවය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනු මරණයට පත්වූ සංවිධානයකි. එක්දහස් නවසිය අනූ ගණන්වල මුලදී කීර්තිමත් නමක් තිබූ මේ සංවිධානය ඉන්පසුව කුජීත වී ගියේය.
පුවත්පත් කලාවේදීන්ගේ සහ මාධ්‍යකරුවන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින පතෝල මැස්සවල් වැනි මාධ්‍ය සංවිධාන කිහිපයක් මේ රටේ තිබේ. කුරුණෑගල දොස්තර ශාෆිගේ වඳ සැත්කම් සිද්ධියේදී එය හෙළිකළ පුවත්පත් කලාවේදියා වූ හේමන්ත රන්දුණුටත් එම පුවත පළ කිරීමේ වගකීම භාරගත් දිවයින කර්තෘටත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපමණ මානසික වධ දුන්නේය. එහෙත් ඒ වෙලාවේදී මේ හිඟන මාධ්‍ය සංවිධාන එකක්වත් ‘දිවයින’ වෙනුවෙන් වචනයක්වත් කතා කළේ නැත. මෙවැනි පල් හොරු චමුදිත සමරවික්‍රම වැනි පළපුරුදු මාධ්‍යකරුවකු වෙනුවෙන් පෙනී සිටීම කුණු අපහාසයකි. මාධ්‍යකරුවකුට මරණ තර්ජන කිරීම ගැන මේ පුවත්පත කවදත් විරුද්ධ ය. ඒ අනුව අප දැන් හිටගන්නේ චමුදිත සමගය. එසේම මාධ්‍යකරුවන්ට පමණක් නොව ඕනෑම රටවැසියකුට කරන මරණ තර්ජනවලට ද මේ පුවත්පත විරුද්ධ ය. එවැනි ඕනෑම අවස්ථාවක මේ පුවත්පත ඒ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට