රසායනාගාරයක පිළිගත් පරීක්ෂණයකින් තහවුරු වන තෙක් මාළු නම් කන්න එපා
ගිනි ගෙන විනාශ වූ express pearl නෞකාවේ අනතුර හේතුවෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් අහිමිවන බවට අප කල් තියා විශේෂ අනාවරණයක් සිදු කළා.
Mee Massoo TV youtube නාලිකාව හරහා විශේෂ සංවාදයකට එක්වූ සමුද්‍ර ජීව විද්‍යාඥ ශාන්ත ජයවීර මහතා මෙහිදී සඳහන් කළේ තල්මසුන්, ඩොල්ෆින් සතුන්, කැස්බෑවුන් ඇතුළු සමුද්‍ර ජීවින් දහස් ගණනක් මෙම අනතුර හේතුවෙන් ජීවිතයෙන් සමුගන්නා ඇති බවයි.
එමෙන්ම ඔවුන් මිය යන ආකාරය සහ සිරුරු ගොඩගසන වෙරළ තීරයන් මොනවද යන්න පවා ඔහු හෙළිකළේ අනතුර සිදුව පැය කිහිපයක් ගතවූ පසුව වීම විශේෂත්වයක්.
ඔහු පැවසු ලෙසින්ම මේ වන විට සියල්ල සිදුවෙමින් පවතිනවා.
මේ වන විට සමුද්‍ර ජීවීන් රැසක් මියගොස් ඇති අතර පසුගියදා යාපනය මුහුදු තීරය මියගිය තල්මසුන්ගේ සිරුරක්ද ගොඩ ගසා තිබුණා.
මෙලෙස ගොඩ ගසා තිබුණේ ලොව විශාලතම සත්ව විශේෂ ලෙස සැලකෙන නිල් තල්මසෙකුගේ සිරුරක්.
අදාල සිරුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ මෙම තල්මසා මිය යාමට හේතුව නෞකාවෙන් ජලයට එක්වූ ප්ලාස්ටික් ආහාරයට ගැනීම බවයි.
අප සමග විශේෂ සාකච්ඡා වල දැක්වූ ශාන්ත ජයවීර මහතා තවත් වැදගත් කරුණක් අවධාරණය කළා.
මේ දිනවල කිසි ලෙසකින් මත්ස්‍ය පරිභෝජනය සිදු නොකළ යුතු බවයි.
යම් කලකට පසු මත්ස්‍ය පරිභෝජනය සිදු කිරීම සඳහා යම් පාර්ශ්වයක් ජනතාවට යෝජනා කරන්නේ නම් එය සිදු කළ යුත්තේ අල්ලාගන්නා මසුන්ගේ කොටස් රසායනාගාර පරීක්ෂාවකට ලක් කොට ඒවායේ අහිතකර කිසිදු රසායනික හෝ වෙනත් ද්‍රව්‍යයක් අඩංගු නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් බවද ඔහු සඳහන් කළා.
අදාළ සාකච්ඡාව පහළින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට