වෛරසයේ බීජෞෂණ කාලය සමග ගත් විට දින10ක් වහලත් මදි
අත්‍යවශ්‍ය සේවා සඳහා බව පවසමින් විශාල පිරිසක් වට වසා දමා ඇති කාලය තුළත් විශාල පිරිසක් රට වසා දමා ඇති කාලය තුළත් නිවෙස් වලින් පිටතට පැමිණෙන බව වාර්තා වනවා.
කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල වාහන රැසක් දක්නට ලැබුණු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ තත්වය තුළ දැනට ක්‍රියාත්මක කර ඇති රට වසා දැමීම සාර්ථක එකක් නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රට වසා දැමීම තුළ ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් පුද්ගලයන් ලක්ෂ 30-40ක් පමණ සේවාවවල යොදවා ඇති බවයි.
එම පිරිස මගින් වෛරසය බෝ වී යාම නතර කළ නොහැකි බවද පවසන ඒ මහතා දින 10 අවසානයේ දී වසා දැමීමේ ප්‍රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇතැයිද සඳහන් කළා.
එමෙන් රට වසා ඇති මොහොතේ සංචරණය සඳහා අවශ්‍ය ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිස් ඒකරාශි වී ඇති බව බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වුණා.
මේ අතර කොරෝනා වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බලන විට දින 10ක් රට වැසීම ප්‍රමාණවත් නොවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පවසනවා.
ජාතික ජන බලවේගය විසින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එන්නත්කරණය වසංගතය මැඩ පැවැත්වීමේ එකම විසඳුම නොවන බවයි.
මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවද ඔහු දැඩිව අවධාරණය කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට