Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නැති වූ දෙක නැවත ගන්නා හැටි මඟදී හමුවූ තරුණයෙක් ජනපතිට කියාදෙයි : මට හරියන්නේ මෙහෙම උපදේශකයෙක් ජනපතිත් ප්‍රසිද්ධියේ කියයි

සුසිල් දොට්ට දැමු හේතුවත් කියයි

කොරෝනා හේතුවෙන් තමන්ට සිය ධුර කාලයෙන් වසර දෙකක් අහිමි වූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිවයින පුරා පාසල් දහසක් ජාතික පාසල බවට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී උත්සව සභාව අමතමිනි ජනාධිපතිවරයා පැවසුවේ කොරෝනා වසංගතය හේතුවෙන් තමන්ගේ ධුර කාලයෙන් වසර දෙකක් අහිමි වූ බවයි.

පසුගියදා මහනුවර සිදු කළ සංචාරය අතරතුර දී මුණගැසුනු තරුණයෙකු තමන්ගේ බව විමසූ බවත් එම අහිමි වූ කාලය නැවත ලබා ගැනීම සඳහා අපූරු උපදෙසක් එම තරුණයා යෝජනා කළ අයුරු ජනපතිවරයා උත්සව සභාවට හෙළි කලේ සිනා මුසුවයි.

කොවිඩ් නිසා අහිමිවූ වසර දෙක රැක ගැනීමට ජනමත විචාරණයක් !

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ජනමත විචාරණයක් පවත්වමින් අහිමි වසර 2ක නැවත ලබා ගැනීම සඳහා එම තරුණයා උපදෙස් ලබාදුන් බවයි.

එම අදහස පිළිබඳ ප්‍රතිචාර දැක්වූ තමන් මාගේ උපදේශකයන් විය යුත්තේ ඔබ වැනි පුද්ගලයින් බව සඳහන් කළ අයුරුද සඳහන් කළා.

සාමූහිකත්වය රැකීමට බැරි අකාර්යක්ෂම සුසිල් එලියට

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලයා. හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන. යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා’

යනුවෙනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීම විශේෂතත්වයක්.

About The Author