නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කරමින් පවත්වන ලද චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන්දින සාදය, එයට සබහගි වුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම, පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිස නිරෝධ්යනය සඳහා රැගෙන යාමේදී ඒ සඳහා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතගේ මැදිහත්වීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.
එහි අලුත්ම සිදු වීම වන්නේ වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ විසින් පියුමි හංසමාලි මහත්මියගේ පුද්ගලික ඇඳුම් පැළදුම් ඇතුලත් බෑගය ගෙන ගොස් භාර දීමේ සිදු වීම සහ ප්‍රශ්න ගත උපන්දින සාදයට පෙර අදාළ හෝටලයේ පැවති අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ වූ සාදයයි.
අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරන ආකාරයට සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිස නිරෝධායනය සඳහා රැඟෙන යමින් තිබු බස් රථයේ සිටි පොලිස් නිලධාරින් ඇමතු බව පිළිගෙන තිබේ.
එමෙන්ම කොළඹ සිට පස්සර බලා ධාවනය වූ බස් රථය තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන එන ලෙස උපදෙස් ලබා දී තිබෙන්නේද සරත් වීරසේකර අමාත්‍යවරයා විසින්ම වීමද අදාළ මාධ්‍ය නිවේදනය මගින්ම පිළිගෙන තිබෙන්නක්.
ඒ අදාළ පිරිසට දින දාහතරක කාලයක් සඳහා නිරෝධායනය වීමේදී අවශ්‍යවන ඇඳුම් පැළඳුම් සහ සෙසු සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මානුෂීයව ඉඩ කඩ ලබා දීමේ අරමුණින්.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පියුමි හංසමාලි මහත්මිය විසින් අමාත්‍ය සරත් වීරසේකර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ බවත් ඉන් අනතුරුව චන්දිමාල් ජයසිංහ මහතාද දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම කාරණාව තහවුරු කිරීම මත අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් මානුෂිය බව සළකා බලා අදාළ පියවර ගත බවයි.
නීතීඥයෝ බොරු කියයිද?
කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි බව කියන නීතීඥවරයෙකු මේ සම්බන්ධයෙන් සිය Facebook පිටුවෙහි අදහස් ප්‍රකාශ කර තිබේ.
මංජු ශ්‍රී චන්ද්‍රසේන නම් අදාළ නීතීඥ මහතා සඳහන් කරන්නේ නිරෝධායනය සඳහා රැගෙන යන පිරිසට ඇඳුම් පැළදුම් සහ සෙසු සනිපාරක්ෂක පහසුකම් ලබා දීමට තරම්වත් පොලිසිය මානුෂිය නොවූ බැවින් තමා පීඩාවට පත් පාර්ශවය නියෝජනය කළ නීතීඥයෙකු ලෙස තමා විසින් ඒ බව අදාළ විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අමතා දැනුම් දුන් බවයි.
එම දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර අමාත්‍යවරයා එම සිද්ධිය සඳහා මැදිහත් වූ බව ඔහු ප්‍රකාශ කරනවා.

මාධ්‍ය නිවේදනයේ අවුල
මේ වන විට මෙම සිද්ධිය අනාගෙන ඇති බවක් පෙන්නේනට තිබේ.
එලෙස පැහැදිළි තර්කයක් ගොඩ නැගෙන්නේ ඇයි?
පහත දැක්වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වෙරසේකර මහතා වෙනුවන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයයි.

ඉහත දැක්වෙන මාධ්‍ය නිවේදනය අනුව කිසිම අවස්ථාවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජකාරිමය වශයෙන් නීතීඥවරයෙකු ඇමතීමක් සිදුකළ බවක් සඳහන් කර නැහැ.
අමාත්‍යවරයා බසය තලංගම ඔලිසිය වෙත ගෙන ඒම සඳහා මැදිහත්ව ඇත්තේ පියුමි හංසමාලි නම් කාන්තාව විසින් පැවසු කරුණ සහ චන්දිමාල් ජයසිංහ යන අය විසින්ද තහවුරු කරන ලද කරුණ මත මානුෂීයව බලා කටයුතු කිරීම මතයි.
ඒ අනුව අදාළ නීතීඥවරයා පවසන නීතීඥවරයෙකුගේ මැදිහත් වීමක් ගැන කිසිදු සඳහනක් එහි අන්තර්ගත වන්නේ නැහැ.
යම් හෙයකින් අදාළ මැදිහත් වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙනුවෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත වුවා නම් එය ඉතා ශක්තිමත් ප්‍රබල මාධ්‍ය නිවේදනයක් වන්නට ඉඩ තිබුණි.
නමුත් දැන් සිදුව ඇත්තේ ඇමතිවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය සහ ඒ වෙනුවෙන්ම හානි හනිකට එලියට පන අදාළ නීතීඥවරයා ලබා දුන් ප්‍රකාශ සියල්ල සරත් වීරසේකර අමාත්‍යවරයාටම පාරාවළල්ලක් වී ඇති බව නොවේද?
සමාජ ගත කිරීමට උත්සහ කළ නිර්මාණශීලි පණිවිඩයම අවසානයේ මහජනතාවට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් සඟවන්නට උත්සහ දරන බොහෝ දේ අවබෝධ කර ගැනීමට ඉඩ කඩ සලසා තිබේ.
පියුමිගේ ඇඳුම් බැගය රැඟෙන දුර කතර ගෙවා ගිය දොස්තර සහ ඔහුගේ බිරිඳ පිළිබඳ පියුමිගේම හෙළිදරව්ව ඇමති පුතෙකු ගැනද?
පියුමි හංසමාලි මහත්මිය විසින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර ඇති ස්තුති කිරීමේ පොස්ටුව මෙන්න.

ඇය සඳහන් කර ඇත්තේ කිසියම්ද වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ විසින් ඇගේ ඇඳුම් පැළඳුම් ඇතුළත් බෑගය දුර බැහැර ප්‍රදේශයක් වෙත ගෙනැවිත් දීම සම්බන්ධයෙන් ස්තුතිය පලකරන බවයි.
ඒ අනුව අදාළ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විසින් සංචරණ සිමා උල්ලංඝනය කරමින් වෛද්‍ය රාජකාරියට අදාළ නොවන කුරියර් සේවකයකුගේ කාර්යය ඉටුකර තිබෙන්නේ නීතිවිරෝධී ලෙසයි.
මේ වන විට මෙම සිද්ධිය හත්පොලේ ගෑවී ඇති අතර අන්තෝ ජටා බහි ජටා පන්නයේ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
එයට හේතුව වී තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහා අදාළ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුතණුවන් සහ ලේලිය බව සඳහන් කරමින් ගෙන යන ප්‍රචාරයයි.
ඔහු පොලිස් රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීම සහ නිරෝධායන සීමා නොතකමින් පොලිස් මාර්ග බාධක මඟ හැර එසේ මෙසේ පුද්ගලයෙකුට ගමන් කිරීමට නොහැකිය යන තර්කය මත ද ගැට ගැසී තිබෙනවා.
නිරෝධායනය තුට්ටුවකට මායිම් නොකළ ඇමති පුතෙකුගේ තවත් සාදයක් ෂැංග්‍රිලා හෝටලයේ පවත්වලා
මේ අතර සිදුවීම දාමයට අදාළ ඇමති පුත්‍රයාගේ විවාහය ලියාපදිංචි කිරීම වෙනුවෙන් පසුගිය 28 වෙනිදා ෂැංග්‍රිලා හෝටලයේම සාදයක් පවත්වා ඇති බවත් එය ද නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකර ඇති බවත් මේ වන විට සමාජ මාධ්‍ය හරහාම ව්‍යාප්ත වෙමින් තිබෙන තවත් ප්‍රවෘත්තියක්.
මේ තත්වය තුල පසුගිය 28 වැනිදා ෂැංගිලා හෝටලයේ පැවති උත්සව පිළිබඳ තොරතුරු ඇතුළත් සීසීටීවී දර්ශන සහ අනෙකුත් තොරතුරු මත අපක්ෂපාති හා සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තේ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා සහ පොලිස් නිලධාරියෙකු සහ වන ඔහුගේ පුත්‍රයාගේ නම් ද මෙම සිදු වීමට සම්බන්ධව ඇති නිසයි.
යම් හෙයකින් පැතිර යන කතා අසත්‍යක් වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම කතා බහ ඔවුන්ට පමණක් නොව සමස්ථ රජයටම, රටටම සිදුවන බරපතල අවනම්බුවකි.
එම කාරණය සත්‍ය බව තහවුරු වුවද ඉහත ප්‍රතිඵලයේ වෙනසක් නැහැ.
මන්ද මෙවන් තීරණාත්මක අවස්ථාවක එවැන්නක් සිදුවීම කිසිවෙකු හෝ අනුමත නොකරන බැවින්.
එමෙන්ම එකම රටක් එකම නීතියක් බව පවසන ආණ්ඩුවේ ආදර්ශ පාඨයටද එය අහිතකර ලෙස බලපාන බැවින්.
අනෙක් අතට සරත් වීරසේකර මහතා යනු මෙරට ත්‍රස්තවාදීන්ට එරෙහි මානුෂිය මෙහෙයුම තුළ සිවිල් ආරක්ෂක බලකායට නායකත්වය ලබා දුන් රණවිරුවෙකි.
මෙම සිදුවීම සරත් වීරසේකර නම් දේශපාලකයාට වඩා සරත් වීරසේකර නම් රණවිරුවාගේ නමට කැළලකි.
ජනාධිපතිවරයා සාධාරණය පැත්තේ හිටගනී
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ආණ්ඩුවක් අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රටේ මෙවන් තීරණාත්මක අවස්ථාවක් තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායන නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බැවින් මෙම සිදුවීම සඳහා ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.
කෙසේ වෙතත් රටේ නීතිය පිලිබඳ ජනතාවට ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අදාළ සිද්ධින් පෙළ සම්බන්ධයෙන් අපක්ෂපාති පොලිස් පරීක්ෂණයක් පැවැත්විම අනිවාර්ය වන බව අපගේ විශ්වාසයයි.
එවිට කටකතා වෙනුවට යථාර්තය සමාජ ගතවනු ඇත.
නැතිනම් කීමට ඉතිරිවන්නේ “නැට්ටේ සිට ගොම ගෑවෙයි – මහජනයා අන්දුස් වෙයි” කියා පමණි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?