රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ප්‍රතිචාර දක්වයි
ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් 4 දෙනෙකු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන ජපානයේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක්ඇ නිර්තිමාණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඔහු සඳහන් කළේ පුද්ගලික අංශයේ දායකත්වය මත අදාළ අමාත්‍යවරුන් මෙම සංචාරය සඳහා එක්ව ඇති බවයි.
සංචාරය සඳහා අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ වියදමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් පුද්ගලික අංශයේ සහය ලබාගනිමිනි එලෙස සංචාරයේ නිරත වන්නේ නම් අදාළ අමාත්‍යවරුන් විසින් පුද්ගලික අංශයේ අදාළ ආයතන සඳහා විවිධ කටයුතු වලදී පක්ෂග්‍රාහී ලෙස සහය ලබා දිය හැකි නොවේදැයි යන්න පිළිබඳ දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ සංචාර සඳහා එක්වූ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් රොෂාන් රණසිංහ මහතා සදහන් කරන්නේ අදාළ සංචාරය සඳහා තමා එක් වූයේ සිය පුද්ගලික මුදල් වියදම් කරමින් බවයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සමග තමන් ඇතුළුව අමාත්‍යවරුන් කීපදෙනෙකු ජපානය සංචාරයට එක්වූ බවත් එහිදී පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිදුකරනු ලබන විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති සදහා ජපන් රජයේ හා ව්‍යපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් සාකව්ඡා කිහිපයක්ම සාර්ථකව පැවැත්වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාවය වැඩිදියුණු කර ගනිමින් ජපානය මඟින් දැනට ලංකාව තුළ ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති පිළිබදව ජිම්පේ මට්සුෂිටා සහ ජපානයේ හිටපු ආර්ථික, වෙළද හා කර්මාන්ත අමාත්‍ය ඔබුචි යුකෝ මහත්මිය සමග සාකච්ඡා කළ බවද ඔහු පවසන්නේ ඡායරූප කිහිපයක්ද අපවෙත යොමු කරමින්.
එබැවින් රජ්‍ය මුදල් වියදම් කර හෝ වෙනත් ආයතන අනුග්‍රහයකත්වයකින් රට සවාරි යනවා යැයි මතයක් සමාජය තුළ ඇති කිරීමේ උත්සහය නිශ්ඵල බවත් එය සම්පූර්ණයෙන් බැහැර කරන බවත් අමාත්‍යවරයා පවසන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
මෙම ජපන් සංචාරය සදහා රොෂාන් රණසිංහ මහතාට අමතරව නාමල් රාජපක්‍ෂ , තේනුක විදානගමගේ, ඩී.වී.චානක අමාත්‍යවරුන්ට එක්ව සිටිනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට