Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නාමල් පොහොට්ටුව අතට ගනී : රටපුරා සේනා සංවිධානය කරයි : දේශපාලනය ඉගැන්වීමත් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතාට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇති බව වාර්තවනවා.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කටයුතු නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දන ගන්නට ඇත්තේ.

ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්‍රමණයක් පැවැත්වීමට ද පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමයි සැලසුම වී ඇත්තේ.

මේ අතර, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන විද්‍යා ඇකඩමියක් ආරම්භ කිරීමටද පසුගියදා පියවර ගැනුණා.

දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්ව ඇකඩමිය නමින් එය නම් කර ඈති අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එය දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක් බවයි.

About The Author