ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට අමෙරිකාව බලාපිටත්ව ගොස් තිබෙනවා.
මෙරට පුරවැසියෙකු මෙන්ම අමරිකානු පුරවැසියකුද වන බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති ධුරයට පත් කර කිරීමටද පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත් කොරෝනා රෝගයේ දැඩි ව්‍යාප්තියක් තුළ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ ඇමරිකාව බලා පිටත්ව යාම පිළිබඳව සමාජය තුල විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ වහාම අමරිකාව බලා පිටව යාමේ සිදු වීමද හේතුවෙන්.
කෙසේ වෙතත් මෙවර ද බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු ගමන පිළිබඳ රාජපක්ෂ පවුල තුලම පරස්පර මත ප්‍රකශ වන්නට පටන් ගෙන තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා අමරිකාවට පිටව ගිය බවයි.
බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් නොතිබූ බවද පැවසූ අමාත්‍යවරයා තමන්ට ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට නොතිබූ බවද ඇමැතිවරයා තහවුරු කළා.
ඔහු පවසන්නේ සති තුනක කාලයක් ඇතුලත බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාවට පැමිණෙනු ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා යනු නාමල් රාජපක්ෂ මහතාගේ පියාගේ බාල සහෝදරයයි. එනම් ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ බාප්පායි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉඟි කළේ ප්‍රතිකාර ලබා ගැනීමක් සඳහා බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව ගිය බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් රැසක් පළවුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට