Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නාමල්ගේ අලුත් අමාත්‍යංශයටත් කැබිනට් අමත්‍යංශ ලේකම්වරයෙක් – ජනපති විශේෂ ගැසට්ටුවකින් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඩබ්ලිව් එච් කරුණාරත්න මහතා අගෝස්තු මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මේ බව නිවේදනය කර තිබෙනවා.

මෙම අමාත්‍යංශය අලුතෙන් බිහි කරන ලද්දේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ තිබූ අමාත්‍යාංශයෙන් කොටසක් ද ඉවත් කරමින් වන අතර මේ හරහා අමාත්‍යංශ සහ ආයතන ගණනාවකට මැදිහත් වීමේ බලය නාමල් රාජපක්ෂ මහතාට ලබා දෙනු ලැබුවා.

About The Author