න්‍යෂ්ටික අවි පවා තැනීමට යොදාගන්නා බවට සැක කෙරෙන රතු රසදිය අඩංගු ලෝහ සිලින්ඩර් තුනක් සහ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි පුදගලයෙක්.
ඔහු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී රතු රසදිය ලෝහ සිලින්ඩර් 03, ග්‍රයින්ඩර් 01, කළු පාට තීන්ත බෝතල් 01, 12 වෝල්ට් සුදු පැහැති බල්බ 05, බ්රේක් ඔයිල් බෝතල් 01, යකඩ ඇලවීමට යොදා ගන්නා ගම් බෝතල් 01, සෙලෝටේප් රෝල් 01, ලැප්ටොප් බෑග් 01ක් සහ සිලින්ඩරයේ ඇලවීම සඳහා යොදා ගනු ලබන ස්ටිකර් 07ක් සොයා ගෙන ඇති බවයි ආරක්ෂක අංශ වාර්තා කරන්නේ.
එමෙන්ම අදාළ පුද්ගලයා විසින් මෙම ද්‍රව්‍ය යම්කිසි අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කරන ලද්දේ දැයි යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට