Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව මැතිවරණ ක්‍රමයක් – අගමැති

සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගතවන, නව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා මෙහිද වැඩිදුරටත් මෙසේ පැවසිය “මැතිවරණ කොමිසම මෙතන සිටිනවා. සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ඉන්නවා. ඒ අය දන්නවා මේ මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්නට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්න බැරි අවස්ථාවකට පරිවර්තනය වීම නිසා තමයි වියදම් සොයා බැලීමේ යළි පනතක් ගේන්න සිද්ධ වුණේ. මේ වගේ වියදම් කරන මැතිවරණ ක්‍රමයකට සාමාන්‍ය අපේක්ෂකයන් මුහුණදෙන්න බැරි බව අග්‍රාමාත්‍යතුමා හැටියට මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ඔක්කොමලා එකතුවෙලා. මේ කරන්න බැරි මැතිවරණ ක්‍රමයකට එන අය අනිවාර්යයෙන්ම වෙනත් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වෙනවා.

ඒ තුළින් සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය විසඳාගැනීම වෙනුවට වෙනත් මාර්ග වලට බහිනවා. එය ඉතාම කෙටියෙන් මම සඳහන් කළේ. ඒ නිසා එයින් මිදෙන්න පුළුවන් අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකට ගමන් කිරීමේ අවස්ථාවට සෑම මන්ත්‍රීවරයෙක්ට මැතිවරණ ආසනයක්, ඒ වගේම අනුපාතක ඡන්ද ක්‍රමයක් අන්තර්ගත පාර්ලිමේන්තුවේ ඒ සෑම ජනතා කොට්ඨාශයකටම සහභාගී වන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙයි. එය

About The Author