නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙන පරිදි මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය මැඬ පැවැත්වීම සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් දෙවර්ගය බව කියවේ. කෙසේ වුවත් මේ සඳහා එන්නත සම්පූර්ණයෙන් ම ලබා ගත යුතු ය.
ෆයිසර් එන්නතෙහි දෙවන මාත්‍රාව ද ශරීරගත කිරීමෙන් පසු ලබා ගත් සාම්පලවලින් පෙනී ගොස් තිබෙන්නේ නව ප්‍රභේදයට එරෙහි ව එය 88%ක පමණ ප්‍රතිශතයකින් ඵලදායී වන බව යි. මොඩර්නා එන්නත සම්බන්ධයෙන් ද මෙවැනි ඵලදායීතාවක් බලාපොරොත්තු විය හැකි නමුත් එය තවමත් ඔප්පු වී නොමැත.
පෙනී යන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ද ෆයිසර් තරමට ම ඵලදායී වන නමුත් එහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වේ.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර